පාපන්දු ලෝක කුසලානය දිනූ මෙසීගේ ජර්සි 6ක් වෙන්දේසියට

පාපන්දු ලෝක කුසලානය දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී එම තරගාවලියේදී පැලඳ සිටි ජර්සි හයක් වෙන්දේසි කිරීමට සූදානම් වෙයි. අවසන් මහා තරගයේදී මෙසී පැලඳ සිටි ජර්සිය ඇතුළු මේ ජර්සි 6න් අමෙරිකානු ඩොලර් කෝටියක් (රුපියල් කෝටි 329කට) උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

ප්‍රංශයට එරෙහිව ඓතිහාසික අවසන් ජයග්‍රහණයේදී ඔහු පැලඳ සිටි ජර්සිය ද ඊට ඇතුළත්ය.

මෙයට පෙර 2022 පැවති වෙන්දේසියකදී සුපිරි පාපන්දු තරුවක් වූ ඩියාගෝ මැරඩෝනාගේ ජර්සිය රුපියල් කෝටි 293කට අලෙවි විය. එය ඕනෑම පාපන්දු ක්‍රීඩකයෙකුගේ මිල අධිකම ජර්සිය විය.

ලයනල් මෙසීගේ ජර්සිය නිව්යෝර්ක් හි ‘සොත්බයිස්’ නම් වූ විකුණුම් ආයතනයක් විසින් වෙන්දේසි කිරීමට සැලසුම් කොට ඇත. ඩියාගෝ මැරඩෝනාගේ ජර්සිය ද මේ ආයතනය මඟින් වෙන්දේසි කළේය.

අමෙරිකානු බාස්කට් බෝල් අවසන් තරගයේදී මයිකල් ජෝර්ඩන් විසින් පැලඳ සිටි ජර්සිය පසුගිය වසරේ ඩොලර් මිලියන 10කට අලෙවි විය. එම ජර්සිය දැනට වෙන්දේසියේ අලෙවි වූ වටිනාම ක්‍රීඩා සිහිවටනය ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියයි

Werzuo Digital

Leave a Reply