Online ණය උගුලට හසු නොවන ලෙස දැනුම්දීමක්

ඔන්ලයින් ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබාදෙන බව පවසමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි. 

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ජනතාව අපහසුතාවට පත්කරන මෙවැනි ගනුදෙනුවලට සම්බන්ධ සමාගම්වලට එරෙහිව පොලීසිය පියවර ගත යුතු බවය. 

සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම් හරහා ක්ෂණික ණය ලබාදෙන ආයතන රැසක් පිළිබඳව මේ දිනවල මහජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතී.

නොයෙකුත් හදිසි අවශ්‍යතා මත එලෙස ණය ලබාගත් පුද්ගලයින් පවසන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ තමාගේ තොරතුරු ලබාගන්නා එම සමාගම් විශාල පොලී අනුපාතයක් යටතේ එම මුදල් නැවත අය කරගැනීමට කටයුතු කරන බවය.

තමා ලබාගත් ණය මුදලට වඩා ඉතා විශාල මුදලක් නැවත ගෙවීමට සිදුවන එම ගැණුම්කරුවන්ට එම මුදල පියවා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ තර්ජන වලටද මුහුණ දීමට සිදුවී තිබේ.

මෙම ආයතන සම්බන්ධයෙන් අද (24) දූෂණ විරෝධී හඬ සංවිධානයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අනාවරණයක් සිදුකළේය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා, 

“මුදල් ගන්නත් මුදල් එකතු කරන්නත් මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. එහෙම නොවී ආයතන 40කට වැඩි ප්‍රමාණයක් ජනතාව පීඩාවට පත්කරනවා.”

“ඔන්ලයින් ණය මුදල් දෙන ආයතන ඇප් එකක් දෙනවා ඩවුන්ලෝඩ් කරන්න. ඇප් එක ඩවුන්ලෝඩ් වුණාම ෆෝන් එකේ තියෙන සියලුම තොරතුරු ඒ අයට යනවා. එහෙම තමයි ජනතාව හිර කරන්නේ. රුපියල් 3,000 සිට ණය ලබාදීම පටන් ගන්නවා. 365%යි පොලිය. දවසට 1%යි.”

Werzuo Digital

Leave a Reply