ජල භීතිකාව වැළඳීමෙන් හත් හැවිරිදි පාසල් සිසුවෙකු ගාල්ල ජාතික රෝහලේදී අද (27) මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
හොරදුගොඩ ගිහාන් පතිරණ ප්‍රාථමික විද්‍යාලයේ දෙක වසරේ ඉගෙනුම ලැබූ ඇල්ලගොඩ ඉමදුව පදිංචි සිසුවෙකු මෙලෙස මියගොස් ඇත.
ඉකුත් 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඉකුත් මස නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු විසින් මෙම සිසුවාගේ මුණුණ ප්‍රදේශය සුළුවෙන් පහුරු ගා ඇති බවත් පසුව මේ පිළිබඳව සිසුවා විසින් කිසිවක් නිවසට නොපවසා බිම වැටීමෙන් එම තුවාලය සිදු වූ බව පවසා ඇත.
ජලයට සහ සුළඟට බියවි රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ප්‍රතිකාර සඳහා සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.
මරණ පරීක්ෂණ අද (27) ගාල්ල ජාතික රෝහලේ දී පැවැත්වීමෙන් පසු සිරුර දෙමව්පියන්ට භාර දෙන ලදී.