කොවිඩ් වසංගතය ඇතිවි වසර 5ක්

මෑත ඉතිහාසයේ දරුණුම වසංගතය වූ කොවිඩ් වසංගතයේ පස් වැනි වසර ජනවාරි 11 වැනි දිනට යෙදී තිබිණි.

නව කොරෝනා වෛරස ආසාදිත වූ මුල්ම පුද්ගලයා මිය ගිය බව චීනයෙන් වාර්තා වූයේ 2020 ජනවාරි 11 වැනි දිනය. මියගිය පුද්ගලයා 61 හැවිරිදි වියේ පසු පිරිමියකු වූ අතර ඔහු නාඳුනන වෛරසයකින් ඇති වූ රෝගයක් නිසා මියගිය බව චීනය වාර්තා කළේය.

නියුමෝනියාව නිසා ඇති වූ සංකූලතා ඔහුගේ මරණයට හේතුවී තිබිණි. මේ වන විට ගෝලීය මරණ මිලියන හතකට වැඩි ගණනක් නව කොරෝනා වයිරසය (SARS-CoV-2) ආශ්වාස වීමෙන් මිය ගොස් ඇත.

චීනයෙන් වසංගතය ඇරැඹුණද එහි පස් වැනි සැමරුමේදී කිසිදු නිල උත්සවයක් නොපැවැත්වීමට චීනය පියවර ගෙන තිබේ.

බොහෝ චීන ජාතිකයන් වසංගතය ඇති වී වසර පහක් ගත වී ඇති බව දැන සිටියේ නැති බව ගෝලීය මාධ්‍ය මඟින් වාර්තාකර ඇත.

රෝගයෙන් මියගිය පළමු තැනැත්තා ගැන එතරම් තොරතුරු සඳහන්ව නැති අතර මියගිය පවුලේ සාමාජිකයන් ගැන සිහිකිරීමට බොහෝ පවුල් පියවර ගෙන තිබුණේ නැත. මුලින්ම මියගිය පුද්ගලයා නිතර වූහාන් ධීවර වෙළෙඳපොළ වෙත ආගිය පුද්ගලයෙකි.

රෝගය සැඟවීම සම්බන්ධයෙන් බටහිර රටවල් චීනය දැඩි ලෙස විවේචනය කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ චීන නිල වාර්තාවන්ට අනුව චීනයේ මිලියන සියයකට වැඩි පිරිසක් නව කොරෝනා වයිරසයට ගොදුර වී ඇති අතර මිය ගිය ගණන 122,000ක් බවයි. එහෙත් සැබෑ සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගන්නා බව ලොවටම නොරහසකි.

Werzuo Digital

Leave a Reply