ඇළකට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද (24) හමුවී තිබෙන බව පොලිසිය පවසයි.
ඒ අනුව මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම, සේදවත්ත ප්රදේශයේ දී එම සිරුර හමුව ඇත.
පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජාඇළ ප්රදේශයේදී සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර තිබූ අතර ඔහුව අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද එම ඇළට පැන තිබුණි.
අතුරුදන්ව සිටියේ එම නිලධාරීන් අතරින් එක් අයෙකි
ඇළට පැන්න සැකකරු අල්ලන්න ගිය පොලිස් නිලධාරියා අතුරුදන්