නිවස අසල පාපැදි පැද්ද සිසුවා ලොරියක ගැටී ජිවිතක්ෂයට

සිය නිවසට අසල පාපැදියක් පදිමින් සිටි 13 හැවිරිදි දරුවකු ලොරි රථයක ගැටී මරණයට පත්වී තිබෙන බව පොලිසිය පවසයි

දාස්වත්ත හරහා උස්සාපිටිය උතුවන්කන්ද මාර්ගයේ දාස්වත්ත පාලම ආසන්නයේදී ඊයේ (23) සවස මෙම අනතුර සිදුවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ උස්සාපිටිය රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ 08 වන වසරේ ඉගනුම ලබමින් සිටි සිසුවෙකි.

විදුලිබල මණ්ඩලයේ උප කොන්ත්‍රාත් සමාගමක ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලබා සිටි එම දරුවා මාවනැල්ල මූලික රෝහලට රැගෙන යන අතරතුර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්යෙන් ලොරි රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply