සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක බිලිඳෙක් ජිවිතක්ෂයට

මඩකලපුව, කාත්තාන්කුඩි, ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී අද (24) අලුයම සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මාස 6ක් වූ ඉග්නේෂ් අභිලාෂ් නැමති පිරිමි දරුවෙකි.

ෆාතිමාපුරම් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ හිස් බිමක නිදා සිටි බිලිඳාට එලෙස සර්පයා දෂ්ඨ කර ඇති අතර ඒ බව හදිසි මරණ පරීක්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද අනාවරණය වී ඇත.

අලුයම මව අසල නිදා සිටි දරුවාට සර්පයෙකු දෂ්ඨ කර ඇති අතර උදෑසන දරුවා සිහිසුන්ව සිටිම හේතුවෙන් මව විසින් රෝහල්ගත කර තිබේ.

එම අවස්ථාවේ දරුවා මියගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දී ඇත.

Werzuo Digital

Leave a Reply