ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණය තීන්දු කර ඇත.
වියදම්වලට අදාළ නඩුව විනිසුරු සාරා හගේට් ඉදිරියේ අද (24) පවත්වා තිබේ.
එහිදී විනිසුරු සාරා හගේට් පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවයි.
ඒ බැවින් ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට නියෝග කර තිබේ.
දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වි තිබුණි.
සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත්තේය.
මේ පිළිබද නඩු විභාගයෙන් අනතුරුව ධනිෂ්ක ගුණතිලක පසුගිය සැප්තැම්බර් මාසයේ දී එම චෝදනාවලින් නිදහස් කෙරුණි