19 වන ජාතික කඹ ඇදීමේ ශූරතාවය මෙවර ගාල්ලේ දී

19 වන වරටත් සංවිධානය කරන “ජාතික කඹ ඇදීමේ ශූරතාවය 2023” ලබන මස 16 දින ගාල්ල පාපන්දු ක්‍රීඩාංගතයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය පවසයි.

මෙම තරගාවලිය කොළඹින් පිට ගාල්ල නගරයේ දී පැවැත්වෙන බව එම සම්මේලනය පවසයි.

මෙම තරගාවලිය සංචාරක පුරවරයක් වන ගාල්ල නගරයේ පැවැත්වීමෙන් විදෙස් සංචාරකයන්ට ද මෙරට දුර්ලභ ජාතික ක්‍රීඩාවක අසිරිය විඳ ගත හැකි බවද එම සම්මේලනය පවසයි.

මේ සඳහා සහභාගි වීමට කැමති සියලු කණ්ඩායම් ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ ලියාපදිංචි විය යුතු බවද එම සම්මේලනය පවසයි.

ලබන 16 වන දින පෙරවරු 8.00 ට බර කිරීම ආරම්භ කරමින් තරඟාවලිය ආරම්භ කරන බව එම සම්මේලනය පැවසීය.

තරගාවලිය අවසානයේදී වැඩිම ලකුණු ගත්නා කණ්ඩායම් 04 තෝරාගනු ලබන අතර, එම කණ්ඩායම් 4 අතුරින් 1 වන ස්ථානය ලබා ගන්නා කණ්ඩායමක් 4 වන ස්ථානය ලබාගත් කණ්ඩායමත් තරග වදින අතර, 2 වන ස්ථානය ලබා ගන්නා කණ්ඩායමත් 3 වන ස්ථානය ලබාගත් කණ්ඩායම අතර තරග පවත්වා අවසන් පූර්ව වටය පවත්වා ඉන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය පවත්වන බවද එම සම්මේලනය පැවසීය.

Werzuo Digital

Leave a Reply