Geminids උල්කාපාත වර්ෂාව ශ්‍රි ලංකාවාසීන්ට බලන්න අවස්ථාවක්

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට එලෙඹෙන 14 වැනි දා හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ලබන 14 දින රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පවසයි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකේ.

පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Werzuo Digital

Leave a Reply