ගාල්ලට මහ වැසි – මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (11) සවස සිට ඇද හැලෙන ධාරාණිපාත මහ වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීය

ගාල්ල වක්වැල්ල  ප්‍රධාන මාර්ගය  ගාල්ල පොලිසිය ඉදිරිපිටින් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල විය.

ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය ගාල්ල තලාපිටිය සහ බෙලිගහ, කහදුව වත්ත යන ප්‍රදේශවලින් ජලය යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණා.

මෙම වර්ෂාව හේතුවෙන් තලාපිටිය, පෙට්ටිගලවත්ත, කෝන්ගහ, තනිපොල්ග, දංගෙදර, මොරගොඩ, බෙලිගහ, කහදුවවත්ත යන ප්‍රදේශ ජලයෙන් යටවීය.

මෝඩ ඇළ පොම්පාගාරයේ අක්‍රීය ලවණ බාධක දොරටු දෙකක් හේතුවෙන් තලාපිටිය පෙට්ටිගලවත්ත සහ කෝන්ගහ යන ප්‍රදේශ ජලයෙන් යටවිය.

සුළු වැස්සකදී පවා ගාල්ල නගරයේ යටවීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වන බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ සඳහා විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් විම කනගාටුවට කරුණක් බවද ඔවුන් පවසයි.

Werzuo Digital

Leave a Reply