ගෙදර වැඩට ආ සිසුවිය දූෂණය කළ විත්තිකරුට වසර 45ක සිරදඬුවම්

රෝගීව එක්තැන්ව සිටින සිය පියා රැකගැනීම සහ පවුල නඩත්තු කිරීමේ වගකීම මව මිය යෑමෙන් අනතුරුව කරට ගෙන නිවසක මෙහෙකාරකමට ගිය 17 වැරදි පාසල් සිසුවියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 45 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා දූෂණය කළ දැරිය ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද ඊයේ නියම කර තිබේ.

මේ වන විටත් විත්තිකරු පදිංචිව සිටි රාජගිරිය ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුට රකින් පිටව යෑම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් ද පැනවීය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස එලෙස දඬුවම් නියම කරන ලද්දේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි විත්තිකරුටය

2003 අප්‍රේල් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී තරුණියක් දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී දූෂණයට ලක් වූ තරුණිය අධිකරණයේ සාක්ෂි දෙමින් තමාගේ පියා ඔත්පළව නිවෙසේ එක්තැන්ව සිටින බවත් පවුල නඩත්තු කරමින් සිටි මව හිටිහැටියේ මිය මියයෑමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයකට පත්වූ බවත් ප්‍රකාශ කර තිබේ.

ඔත්පළ ව සිටින පියා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ හෙයින් පාසල් යන අතරතුර දී ම තමා රාජගිරිය ප්‍රදේශයේ නිවසක මෙහෙකාර කමට ගිය බවත් ඒ අවස්ථාවේදී නිවසේ හිමිකරු තමා අවස්ථා කීපයකදීම දූෂණය කළ බවත් කී දූෂණයට ලක් වූ තරුණිය මේ පිළිබඳව කිසිවකුට හෝ කිව්වොත් හමුදාවේ යහළුවන් ලවා තමා පැහැරගෙන යන බවට විත්තිකරු තමාට තර්ජනය කළ බව ප්‍රකාශ කර තිබේ.

තමා දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව ගැබ් ගැනීමෙන් වැළකීම සඳහා ඔහු තමාට උපත් පාලන ක්‍රම සිදුකළ බවද තරුණිය අධිකරණය හමුවේ හෙළි කර තිබේ.

ලංකාදීප

Werzuo Digital

Leave a Reply