ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම එකඟතාවය අනූව ඊශ්‍රායලය විසින් සිය සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ දරුවන් 150ක් නිදහස් කිරීමට නියමිත බව එම වාර්තා සඳහන් කළේය.

එසේම දින 4ක් සඳහා ඊශ්‍රායල සහ හමාස් අතර සටන් නැවැත්වීමට ද එකඟ වී තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Werzuo Digital

Leave a Reply