ප්‍රමාද වූ ඩ්‍රයිවින් ලයිසන් නිකුත් කිරීමට වැඩපිළිවෙළක්

ප්‍රමාදවී ඇති රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය. 

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“රියදුරු බලපත්‍ර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න තියෙනවා. ඒ ප්‍රමාදය අපි පිළිගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා.” 

“ඒ වගේම ලබන්නා වූ වර්ෂය තුළදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඊ මෝටරින් සම්පූර්ණයෙන් ඩිජිටල් කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිතාවලින් තොරව කටයුතු කරන්න අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා.”  

“ඒ අතර මේ දිනවල එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් මේ කටයුත්ත කඩිනමින් කරන්න… දීර්ඝ කාලයක් බැරි වුණ දේ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් හිරවෙලා තියෙන රියදුරු බලපත්‍ර සියල්ල වඩා නවීන තාක්ෂණයෙන් නිකුත්කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරලා තියෙනවා.”

Werzuo Digital

Leave a Reply