ICC ක්‍රිකට් තහනම දිගටම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවට පැනවු ක්‍රිකට් තහනම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ දී රැස්වූ එහි විධායක කමිටුව අද (21) තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව පනවා ඇති ක්‍රිකට් තහනම යටතේ ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ක්‍රිකට් සහ ICC ඉසව් දෙකෙහිම ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩා කළ හැකි බව එහිදී ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පාලනය කරනු ලබන බව මෙම රැස්වීමේදී තහවුරු කරනු ලැබිය

2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply