ශ්‍රි ලංකාවට Shell ඉන්ධන පිරවුම්හල්

එක්සත් ජනපදයේ RM Parks Inc සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ.

RM Parks Inc යනු පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයකි.

මෙම ගිවිසුමට අනුව Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කෙරෙනු ඇත.

ඒ අනුව RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.

ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවය.

එසේම මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි

Werzuo Digital

Leave a Reply