මිටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද (28) උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු  තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයකු බවද පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply