ශ්‍රි ලංකාවේ වයස්ගතම පිරිමි පුද්ගලයා ගාල්ලෙන්

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැප්පෙට්ටියගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි පිරිමි පුද්ගලයා වාර්තා වන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.  

දැනට ලංකාවේ වයස්ගතම පිරිමි පුද්ගලයා වන මාගල කොට්ටච්චි නන්දියස් මහතා බව ජාතික වැඩිහිටි මහා ලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කල බව එම කාර්යාලය පැවසීය

සිය පැරණි ජාතික හැදුනුම්පතට අනුව නන්දියස් මහතා 1914 ජුනි මාසෙ තුන් වෙනිදා  මෙලොව උපත ලබා ඇත. ඔහු දැන් අවුරුදු 109ක් වයසැති ජේෂ්ඨ පුරවැසියෙක්.

ඉතාමත් නිරෝගී දිවි පෙවෙතක් ගත කරන නන්දියස් මහතා තම මුළු දිවියම කැප කර ඇත්තේ කෘෂිකර්මාන්තයත් සමගයි. ඔහුගේ ජීවිකාව  ගහකොළ සමග බද්ධ වූවක්.නමුත් ඔහු ලිවිමට කියවිමට හැකියාව ඇති, පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවෙක්.

මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නිරෝගීමත් දිවිපෙවෙතට හේතු වන්නෙ වස විසෙන් තොර පෝෂණීය ආහාර රටාවයි. මෑතක් වෙන තුරුම නිවසේ පෝෂණ අවශ්‍යතා සඳහා අල ,බතල ,මඤ්ඤොක්කා ඔහුගේ දෑතට මනාව කීකරුව සරුවට වැඩිලා තිබෙන ඔහුගේ ඥාතීන් පවසයි

එමෙන්ම  පාන්දරින්ම වත්ත පිටියේ වැඩට යන  නන්දියස් මහතාට එදා සිටම කැත්ත උදැල්ල හරිම සමීප වූවක් බවයි පවුගේ සමිපතමයින් සඳහන් කළේ.

නන්දියස් මහතා දරුවෝ හතර දෙනෙක්ගෙ පියෙක්. පුතාගේ පරම්පරාවෙන් සිවු  මුණුපුරන් දකින්නත් ඔහුට වාසනාව ලැබිලා. පුංචිම මුණුබුරාට දැන් වයස අවුරුදු පහක්.

වයස් ගත වුනත් කිසිදු  ලෙඩක් දුකක් නොමැතිව නිරෝගීමත්ව සිය ජීවිතය ගත කරන්න ඔහුට පුළුවන් වෙලා. සරල දිවි පෙවෙත. එයට හේතුවයි  .නන්දියස් මහතා මුළු ගමම හදුනන්නේ, ලොකු අයියා ලෙසයි.පිරිතකට ගංවතුර  ආපදාවකදී ඕනම කරදරයකදී ඔහු කාගෙත් උදව්වට ගිය ගිය බව ඔහුගේ ඥාතීන් පවසයි.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සියවස්  දීමනාවේ සාඩම්බර හිමිකරුවෙක් වන  නන්දියෙස් මහතාට ලැබෙන පවුලේ ආදර සංග්‍රහ මහමෙරක්.

මීට කලකට පෙර ඔහුගේ ආදර බිරිඳ මෙලොවින් සමු ගත්තත් සියලුම දෙනාගේ ආදර සංග්‍රහ නොමදව විඳිමින් ඔහු සැපසේ ජීවත් වෙනවා .

මෑතකදී ශ්‍රවණ  තත්ත්වයේ දුර්වලතාවයක් ඇති වුණත් ඔහුට තවමත් හොඳ මතක ශක්තියක් තියෙනවා.පැරණි රසාංග තවමත් මුමුණන්නේ ඒ මතක ශක්තිය අනුවයි

Werzuo Digital

Leave a Reply