මාලිගාකන්ද වෙඩි තැබිමෙන් තුවාල ලැබු කුඩා දියණිය ජිවිතක්ෂයට

මව සහ පියා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ කුඩා දැරියක් මිය ගිය බව මරදාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් තිබුණේ කොටහේන වාසල පාර පදිංචිව සිටි ආශිර්වාදිනි අභිමානි නැමැති හය හැවිරිදි දැරියකි.

මියගිය දැරියගේ පියා වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව තිබූ බව පොලිසිය පවසයි.

මොහු මනුෂ්‍ය ඝාතන සිද්ධියක සැකකරුවකු බවත් වෙඩි තබන අවස්ථාවේදී ඔහු සමග ඔහුගේ බිරිඳ සහ කුඩා දැරිය ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

මියගිය දරුවාගේ පියා වන එම පුද්ගලයා මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තට සහභාගී යළි නිවස කරා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කර ඇත

Werzuo Digital

Leave a Reply