යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 22 හැවිරිදි වසන්තකුමාර් ඩිලක්සියා නමැති තරුණියකි.
කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති බව පොලිසිය පවසයි.
එම තරුණිය ගෙල වැලලාගෙන සිටි අවස්ථාවේ ඇයගේ සහෝදරයා දැක වහාම ඇයව කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබේ.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කළ අවස්ථාව වන විටිත් ඇය මියගොස් සිට ඇති බව වාර්තා වේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලුවක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )