වැලිගම හෝටලයක හොරකමකට රුසියානුවෙකු අත් අඩංගුවට

වැලිගම පෑලෑන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සිදුවු භාණ්ඩ සහ මුදල් සොරකමක් සම්බන්ධයෙන් රුසියානු ජාතිකයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ  32 හැවිරිදි රුසියානු ජාතිකයෙකි.

ඉකුත් 17 වන දින මෙම හෝටලයේ තිබු ලක්ෂ තුනක් පමණ වටිනා කෝපි සකසන යන්ත්‍රයක් සහ රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් සොරකම් කරගෙන ගොස් තිබු බව එම හෝටලය විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය පරික්ෂණ පත්වා අදාල සැකකරු ඊයේ (24) අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (25) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply