බද්දේගමින් පැහරගත් ජිප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පොලිස් භාරයට

පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය භාරයට ගැනීමට ගැලනිගම රථවාහන පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ සිට අද (24) සවස පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 9.2 ප්‍රදේශයේදී පොලීසිය විසින් සුඛෝපභෝගී ජිප් රථය නැවත්වීමට සංඥා කිරීමත් සමග එහි සිටි සැකකරුවන් රථය අතහැර දමා පළාගොස් තිබේ.

එහිදී සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචි රථයේ හිමිකරු එය විකිණීම සඳහා සූදානම් කර තිබේ. ඒ අනුව රථය පැහැරගත් සැකකරුවන් එය මිලදීගන්නා මුවාවෙන් එහි ගොස් පසුව එහි හිමිකරුට පහරදී රථයෙන් බිමට ඇද දමා මෙලෙස ජිප් රථය පැහැරගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

මේ අතර රථය සොයාගන්නා අවස්ථාව වනවිටත් එහි නිත්‍යානුකූල ලියාපදිංචි අංක වෙනස්කර තිබූ බවද පොලීසිය පවසයි.

එක්වරම ජිප් රථය හඳුනාගැනීම අපහසු වන අයුරින් එහි බොනට්ටුව මත ස්ටිකරයක්ද අලවා තිබූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Werzuo Digital

Leave a Reply