යතුරු පැදියකින් ගමන් ගත් කාන්තාවක් පෙරියගම මාර්ගයේ ගල් වල අසලදී අද (24) දහවල් වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇති බව කතරගම පොලිසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ පෙරියගම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි.
කාන්තාව ගමන් ගත් යතුරු පැදිය එම ස්ථානයේ වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.
මෙම කාන්තාව ඇයගේ පුතා රැගෙන ඒමට පාසල කරා යමින් සිටියදී වැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පැහැරගෙන ගිය කාන්තාව ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
කාන්තාව පැහැරගෙන යෑමට හේතු හෝ ඇය පැහැරගෙන ගිය කණ්ඩායමගැන තවම තොරතුරු අනාවරණය වී නොමැති අතර කතරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.