වැලිගම නිවසක අභිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක්

වැලිගම ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටියදී අද (25) පෙරවරුවේ සොයාගත් බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලීසියට නිර්නාමික දුරකථන පණිවුඩයක් ලැබී ඇති අතර ඒ අනුව අදාළ නිවාසය පරීක්ෂා කිරීමේදී එම කාන්තාවගේ සිරුර හමුවී තිබේ.

එසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 52ක් වන ජෝති කොරටුව, වල්ලිවල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.

එම කාන්තාවගේ සැමියා ඊයේ (24) දහවල් ධීවර රැකියාව සඳහා ගොස් ඇති අතර ඔහු නැවත නිවසට පැමිණ ඇත්තේ අද උදෑසනය. ඔහු පැමිණෙන විට සිය බිරිඳ කාමරයක ඇඳ මත මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

එම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply