කැස්බෑ සිරුරු 22ක් බස්නාහිර වෙරළ තීරයට

පසුගිය 22 වනදා සිට මේ දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවුන් 22කගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාප කාර්යාලය පැවසුවේ බටහිර වෙරළ තීරය ආශ්‍රිතව මෙම කැස්බෑ මරණ වාර්තා වී ඇති බවය.

අද (25) මියගිය කැස්බෑවුන් සිව් දෙනෙකුගේ සිරුරු ගාලු මුවදොර, පානදුර සහ වැල්ලවත්ත යන වෙරළ තීරවල තිබී සොයාගෙන තිබුණි.

මීට පෙර හික්කඩුව ආශ්‍රිත වෙරළ තීරයෙන් කැස්බූ සිරුරු 2ක්, බෙල්ලන්විල කලාපය ආශ්‍රිත ගාලු මුවදොර ඇතුළු වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 07ක් සහ මුතුරාජවෙල කලාපය ආශ්‍රිත වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 09ක් ද සොයාගෙන තිබූ බව බස්නාහිර පළාත් වනජීවි කාර්යාලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය ද විමර්ශන ආරම්භ කර ඇති  අතර අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

Werzuo Digital

Leave a Reply