රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි ගෙවිම් අනුමත නොකිරිම, අතිකාල පැය ගණන සිමා කිරිම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පල කරමින් සඳුදා (14) වැඩ වර්ජනයක් පවත්වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ ප්‍රවාහන රියදුරු සේවා සංගමය පවසයි.
මෙම වසරේ අප්‍රියල් මාසයේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින පහක් තිබුනත් තම සංගමයට අනුමත කර ඇත්තේ දින දෙකක් පමණක් බව එම සංගමය පවසයි.
නිවාඩු දිනවල ගිලන් රථවල අවශ්‍යතාවයක් බලධාරින්ට නොමැතිනම් මින් ඉදිරියට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල රාජකාරිවලින් බැහැරවන බවත් එහිදි රෝගින්ට ඇතිවන අවධානම බලධාරින් බාරගත යුතු බවත් එම සංගමය පවසයි.
සෞඛ්‍ය රියදුරන් මාසයකට පැය තුන්සීයක, හාරසියක රාජකාරි කලත් අතිකාල ගෙවිම් කරනු ලැබුවේ පැය 240කට පමණක් බවත් එහෙත් දැන් එය පැය 215කට සිමා කර ඇති බවත් පැවසු එම සංගමය තවත් ඉල්ලිම් කිහිපයක් පිළිබඳව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට දන්වා ඇතත් මෙතෙක් කිසිම සාකච්ඡාවක් ලබාදි නොමැති බවද එම නිසා අවසාන තිරණය ලෙස හෙට වැඩ වර්ජනයක් කරන බවද එම සංගමය වැඩිදුරටත් පැවසීය.