Facebook සමාජ මාධ්‍ය හරහා හඳුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි 16 හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනෙකු පොලිස් බාරයට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.
අදාළ සිසුවියන් දෙදෙනා පාසල් යන බව පවසා නිවසින් පිටත්ව ඇති අතර පසුව පාසල් නිල ඇඳුම් මාරු කර කුරුණෑගලට පැමිණ ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
කුරුණෑගල පොලිස් නිලධාරීන් විසින් කුරුණෑගල වැව රවුමේ සිදු කළ සෝදිසියක දී මෙම සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනා සමඟ සිට ඇති බව වාර්තාවේ.
අදාළ සිසුවියන් දෙදෙනාගේ එක් අයෙක් ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සිසුවිය පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
පෙම්වතුන් දෙදෙනා මොණරාගල හා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවේ.
කෙසේ වෙතත් පොලිස් භාරයට ගත් ලාබාල පෙම්වතුන් දෙදෙනා පොලීසියට රැගෙන ගොස් දැඩි ලෙස අවවාද කර දෙමාපියන් වෙත භාර දී ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.