ශීත කළ රත්තරන් බඩු හොරු ගෙනිහින්

වැඩි ආරක්ෂාවට නිවසේ ශීතකරණයේ සඟවා තැබූ රුපියල් ලක්ෂ හයක රන් ආභරණ සොරු රැගෙන ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලිසිය පවසයි.

නල්ලුර් ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙකු විසින් මෙම සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ල කර ඇත.

උතුරේ ගෙවල් බිඳුම් හා සොරකම් වැඩි නිසා මොහු තම ආරක්ෂාවට නිවසේ ශීත කරණයේ රන් ආභරණ සඟවා ඇතැයි හෙළි වී තිබේ.

ඉකුත් 8දා නිවසින් පිටව ගිය මොහොතක පසුපස දොර කඩා එයින් ඇතුළු වී සොරකම කර ඇතැයි පැමිණිලිකරු පවසා ඇත.

Werzuo Digital

Leave a Reply