දකුණු පළාතට විදුලිය ලබාදිමට ප්‍රශ්නගත ඉඩම නොමිලේ ලබාදීමට ඉඩම් හිමියාගේ එකඟතාව

ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලිය සම්ප්‍රේෂණය සිදුකෙරෙන මාර්ගයේ පෞද්ගලික ඉඩමක් සම්බන්ධයෙන් පැවැති ගැටලුව අද (11) දිනයේ විසඳුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ අදාළ පෞද්ගලික ඉඩමේ හිමිකාරීත්වය දරණ ආටිගල පවුලේ සාමාජිකයින් කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව ඊට අවසරය ලබාදුන් බවය.

මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත්වීමෙන් අද පැවැති සමථ මණ්ඩලයේදී මෙම අවසරය ලැබී තිබේ.

ඒ අනුව තවත් දින 06ක් ඇතුළත අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කර දකුණු පළාතට විදුලිය ලබාදීම වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බව රොහාන් සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.  

Werzuo Digital

Leave a Reply