පසුගිය මාස හයට වාහන දසදහසක් ලියාපදිංචි කරලා

මෙම වසරේ මුල් මාස හයේදී නව වාහන දසදහස් හතළිස් පහක් ලියාපදිංචි කර තිබෙන බව පාර්ලිමේන්තුවේ ඊයේ (10) සභාගත කරන ලද පිළිතුරක සඳහන් වෙයි. 

එමගින් රජයට ලැබී ඇති ආදායම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් යැයි ද එහි සඳහන්ව ඇත.

නව වාහන තුන්සිය හතළිස් නවයක් සඳහා ප්‍රියමනාප අංක ලබා ගෙන තිබෙන බවත් එමගින් රුපියල් විසි ලක්ෂ තිස් දෙදහසක මුදලක ආදායමක් ලැබී තිබෙන බවත් එම පිළිතුරේ සඳහන් වෙයි. 

සභාගත කර ඇත්තේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි සංජීව එදිරිමාන්න විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ලබා දී තිබෙන පිළිතුරකි.

Werzuo Digital

Leave a Reply