වසා තිබූ කොග්ගල ඇඟලුම් කම්හල් 2ක් යළි වැඩ අරඹයි

කොග්ගල වසා දමා තිබූ ඇඟලුම් කම්හල් 2ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත් වීම මත යළි ආරම්භ කොට තිබේ.

මෙම ආයෝජන මඟින් 2500කට රැකියා අවස්ථා හිමිවන බව එයිට්කන් ස්පෙන්ස් ඇපරල් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ලූෂන් පෙරේරා මහතා පවසයි.

චීන – ඇමරිකා අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ ඇඟලුම් කම්හල් වැසී ගිය බවත් යුරෝපීය වෙළෙඳපොළේ අවශ්‍යතා සොයා බලා අලුත් යමක් හඳුන්වාදීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගත හැකි බවත් ඔහු පැවැසීය.

මෙම ආයෝජන මඟින් වක්‍ර රැකියා අවස්ථා රැසක් ඇති වන බවත් ඇඟලුම් නිෂ්පාදන චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය වැනි ආසියාතික රටවල් වෙත අපනයනය කිරීමට අවධානය යොමුකළ යුතු බවත් විධායක අධ්‍යක්ෂවරයා පැවැසීය.

ආයෝජනයට අදාළ ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අධ්‍යක්ෂ රොෂාන් ප්‍රනාන්දු විසින් පසුගියදා අස්සන් කළේය

Werzuo Digital

Leave a Reply