WhatsApp Groups වලට නව වෙනසක්

Meta සමාගම විසින් පසුගිය මාස කිහිපය පුරාවටම WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දී තිබේ.

මේ වන විට WhatsApp හරහා නව පහසුකමක් හදුන්වා දී ඇත.

ඒ අනුව WhatsApp Groups වල දැනට Message යැවීම පාලනය කිරීම සඳහා Admins සඳහා පමණක් Messages යැවීම සඳහා සැකසිය හැකියි.

නමුත් අත්‍යාවශ්‍යම කරුණක් සඳහා වෙනත් පුද්ගලයෙකුට යම් පණිවිඩයක් WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වේ.

නමුත් ඒ සඳහා විසදුමක් මේ වන විට Meta සමාගම හදුන්වා දී තිබේ

Group Settings වල මේ පහසුකම පෙන්වන ලබන අතර එහි Toggle එක on කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට පණිවිඩ යොමු කළ හැකි අතර ඒවා වෙනම ස්ථානයක Adminට පමණක් පෙන්වන බව වාර්තාවේ

ඔවුන් විසින් එය Approve කළ පසුව සාමාන්‍ය පණිවිඩයක් ආකාරයෙන්ම එය Group Chat එකෙහි දිස් වන බව සදහන්ය.

මේ පහසුකම මේ වන විට ලොව පුරා තෝරාගත් Meta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති අතර ඉතා ඉක්මනින් Public Versions එකක් ලෙස ලබා දෙන බව එම ආයතනය පවසයි.

Werzuo Digital

Leave a Reply