අම්බලන්ගොඩ මාදම්පා ගඟේ පාරුවක් පෙරලී පුද්ගලයෙකු මරුට

අම්බලන්ගොඩ තේවත්ත ප්‍රදේශය හරහා ගලා බසින මාදම්පා ගඟේ මිතුරන් තිදෙනෙකු උණ බට කැපීම සඳහා පාරුවකින් ගොස් නැවත පැමිණෙමින් සිටියදි පාරුව පෙරළී යාම නිසා පුද්ගලයෙකු මියගොස් අනෙක් දෙදෙනා දිවි බේරාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොටවෙල කරන්දෙණිය පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

මියගිය පුද්ගල⁣යාගේ සිරුර මේ වන විට සොයා ගෙන ඇති අතර මෘත දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය පැවත්විමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීම සඳහා සිරුර බලපිටිය රෝහල වෙත ගෙන යෑමට නියමිතව තිබින.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply