ඇල්පිටිය නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරිමේ ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක අද (23) පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
පෙරවරු 8.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර ප්‍රදේශවාසීන් සහ ඇල්පිටිය ගිනි නිවිමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
ගිනි ගැනිමෙන් ජිවිත හානි සිදුවි නොමැති අතර යාබද වෙළඳසැල් වලට දුමාරය පැතිර යාමෙන් ආලාභහානි සිදුවි ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
සිදුවු දේපල හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි