කළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23) දවල් දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මුහුදේ ගසාගෙන ගිය රුසියන් යුවල ඇතුළු සිව් දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවද කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටී 36 හැව්රිදි දෙදරු පියෙකු බව පොලිසිය පවසයි.
අද දහවල් රුසියන් යුවලක් මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහිදී මෙම යුවළ බේරාගැනීමට මෙම පුද්ගලයා දියට පැන තිබේ. .
එහිදී මියගිය අය එක්වරම මුහුදට පැන පිහිනා යමින් සිටියදී ඔහුද සැඩ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
ඒ අනුව ක්‍රියාත්මකවූ හෝටලයේ තවත් සේවකයින් දෙදෙනෙකුද මුහුදට පැන ඔවුන් දෙදෙනාද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර අවට තරුණයන් සිව්දෙනෙකු සහ තවත් හෝටලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව ජීවිත ආරක්ෂක නිළධාරීන් භාවිතා කරන ලෝන්ග් එකක් සහ කඹයක් ආධාරයෙන් රුසියානු යුවල හෝටලයේ සේවකයින් දෙදෙනා සහ මියගොස් ඇති තැනැත්තා ගොඩගෙන ඇති බව වාර්තාවේ.
ගොඩගන්නා මොහොතේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ මියගොස් ඇති තැනැත්තා හෝටලයේ ත්‍රීරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් මියගොස් සිට තිබේ