මීගමුව මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් අතුරුදන්

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු අද (23) දහවල් දියේ ගිලී අතුරුදන්ව තිබෙන බව පොලිසිය පවසයි

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඩයගම, චුන්නාකම් සහ චන්දපුරම් යන ප්‍රදේශවල පදංචිව සිටි 20 සහ 23 හැවිරිදි තරුණයින් තිදෙනෙකි.

අද (23) දහවල් 12.45ට පමණ අදාළ තරුණයින් මුහුදේ දියනෑම සඳහා ගොස් සිටියදී ‍මෙලෙස අනතුරට ලක්ව ඇත.

ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply