උපන්දින සාදයකට ප්‍රහාරයක් – තරුණියක් මියගොස් 09 දෙනෙකු රෝහලට

වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී  නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් 09 දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අ‍ැතුළත් කොට අ‍ැතැයි වවුනියාව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ පදිංචි ෆාතිමා සම්මා සෆීදීර් (21) නැමැති තරුණියකි.

අදාල පිරිස නිවසේ සිරකොට සිටියදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට අ‍ැති අතර ඒ සමගම නිවස ගිනිගැනීමකට ලක්ව අ‍ැති බවත් ගින්නෙන් නිවස අ‍ැතුලත සම්පූර්ණයෙන් හානි සිදුව අ‍ැති බවත් පොලිසිය පවසයි.

ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු සිටින බව පොලීසිය පවසයි.

මීට අමතරව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද තුවාල ලබා වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

පොලිසියට ලද තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩපත්වා ඇති බව සඳහන්ය.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply