අහංගම, කබලාන ප්‍රදේශයේ සංචාරක නිවස්නයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවක් කුලි පදනම මත ලබාගෙන භාවිතා කරමින් සිටි ස්කුටි වර්ගයේ යතුරු පැදිය එහි කැබියේ තිබූ රුපියල් 15000 ක මුදලක් සමග ඊයේ (19) රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව නවාතැන් ගෙන සිටි ස්ථානයේ නවතා තිබියදි ඊයේ (19) රාත්‍රි කාලයේ මෙම යතුරුපැදිය සොරකම් කර ඇති බවට මෙම විදෙස් කාන්තාව විසින් අහංගම පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි.