බෝට්ටුවක් පෙරලී ධිවරයෙකු මරුට

ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටීයදී ධීවර බෝට්ටුව ඊයේ (20) පස්වරුවේ  පෙරලී පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු පිහිනා දිවි ගලවාගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව පදිංචි 38 හැව්රිදි සිවුදරු පියකු බව පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා සිය පුත්‍රයා සහ තවත් පුද්ගලයකු සමග ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටීයදී වෙරළට මීටර් 150 ක් පමණ ඈතින් බෝට්ටුව පෙරලී තිදෙනා ගොඩබිමට පිහිනා ඇති බව සදහන් වේ.

එහිදී මුහුදු වතුර පෙවී සිටී පුද්ගලයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් , එහිදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply