සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සංචාරය සඳහා පැමිණි ප්රංශ ජාතික පිරිසක් විහාරස්ථාන භූමියේ දී වන අලියෙකු ඡායාරූප ගත කිරීමට යාමේදී එම අලියා පහරදීමෙන් තරුණියක් තුවාල ලබා අද (20) දහවල් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි තරුණියකි.
ප්රංශ ජාතික පිරිමි පුද්ගලයන් තිදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස පැමිණ ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ අසල සිටි පිරිස වන අලියා එලවා දමා තුවාල ලැබු තරුණිය සුව සැරිය ගිලන් රථයක් මගින් රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූ තරුණියගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ප්රකාශකයකු පැවසීය