දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සාහ දැරීමේදී පසුපස හඹා ගිය අධිවේගී රථවාහන පොලිසියේ දොඩංගොඩ පිවිසුමේ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි ද, ඔහු මතුගම ප්රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙක් බවද පොලිසිය පවසයි.
යතුරුපැදිකරු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු වාහනයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.