ප්‍රබල සූර්ය ගිනිදැල් ක්‍රියාකාරිත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල සූර්ය ගිනිදැල් ක්‍රියාකාරීත්වයක් සම්බන්ධයෙන් රුසියානු විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ (16) නිරීක්ෂණය වූ සූර්ය ගිනිදැල් සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයකින් අනතුරුව මෙම තත්ත්වය මගින් පෘථිවියේ කෙටි සන්නිවේදන පද්ධතියට පවා බලපෑමක් එල්ලවිය හැකි බව මොස්කව් හි පිහිටි ව්‍යවහාරික භූ භෞතික විද්‍යාව පිළිබඳ ෆෙඩෝරොව් ආයතනය ප්‍රකාශ කර තිබේ.

ඊයේ (16) විනාඩි 14ක කාලයක් තුළ වාර්තාවු මෙම ගිනිදැල් එක්ස් වර්ගීකරණයට ශ්‍රේණිගත කර ඇති අතර, එම වර්ගීකරණය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම පිපිරීම් ගණයට අයත්.

මේ හේතුවෙන් අභ්‍යවකාශ යානා සහ ගගනගාමීන්ට අවදානමක් එල්ලවිය හැකි අතර, පෘථිවියේ විදුලිබල ජාලවලට සහ සන්නිවේදන පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව සදහන්ය.

2022 වසරේ වාර්තාවූ සූර්යාගේ විශාල විකිරණ පිපිරීමක් හේතුවෙන් ස්පේස් එක්ස් සමාගම දියත් කළ චන්ද්‍රිකා 40ක සබඳතා බිඳ දමා තිබිණ.

Werzuo Digital

Leave a Reply