බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයකට ගොඩගැසුණු අභිරහස් හඳුනා නොගත් ගෝලාකාර වස්තුවක් හේතුවෙන් එරට තුළ කැළඹීමක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට උතුරින් කිලෝමීටර් 250ක් (සැතපුම් 155ක්) පමණ දුරින් පිහිටි ග්‍රීන් හෙඩ් වෙරළ තීරයට මෙම යෝධ ලෝහ වස්තුව ගොඩගසා තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.
එම වස්තුවේ ඇති අනතුරුදායක බව හේතුවෙන් ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙසයි එරට පොලිසිය නිවේදනය කර ඇතැයි එහි සදහන්ය
ඒ අනුව එරට ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් විසින් මෙය නිරීක්ෂණය කරමින් සිටින බව වැඩිදුරටත් එම වාර්තා සඳහන් කළේය.