කෝටි 28ක ඇණ මුරිච්චි කුඩ්ඩෝ ගලවලා – නව කැලණි පාලම අනතුරේ

ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද අනාවරණය වී තිබේ. දැනට අනාවරණය වී ඇත්තේ රුපියල් මිලියන 286 (කෝටි 28) ක පමණ අලාභයකි.

මීට අමතරව මත් කුඩු බොන පුද්ගලයන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා කපාගෙන ගොස් ඇතැයිද ඒ හේතුවෙන් අධිවේගි මාර්ගයේ රාත්‍රියට විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් ඇති බවද අනාවරණය වී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇත.

Werzuo Digital

Leave a Reply