අතුරුදන්වූ ඩෙන්මාර්ක සංචාරක කාන්තාවගේ සිරුර හමුවෙයි

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගොස් අතුරුදහන්ව සිටි 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවගේ සිරුර අද (14) සොයාගැනීමට හැකිවී තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය 10 වනදා සිට මෙම කාන්තාව අතුරුදහන්වී ඇති බවට වාර්තා වු අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව ඇය පිටත්ව යන බව කියූ ප්‍රදේශයක තිබී අදාළ විදෙස් ජාතික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබේ.

මරණයට හේතුව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

මෙසේ කන්දක් නැගීමට යන බව කියා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

මෙරට කන්දක් නඟින්න ගිය ඩෙන්මාර්ක් කාන්තාවක් අතුරුදන්

Werzuo Digital

Leave a Reply