ගාල්ලේ ප්‍රදේශ තුනක ආරක්ෂාව තර කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, අහුංගල්ල සහ මීටියාගොඩ පොලිස් වසම් තුළ පසුගිය දිනවල වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

පොලිසිය, විශේෂ කාර්ය බලකාය, යුද නාවික හමුදා කණ්ඩායම් ඒ සඳහා යොදවා ඇති අතර බුද්ධි අංශ වාර්තා පිළිබඳවද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව සඳහන්.

මේ අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට යුද හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත උරගස්මංහන්දිය – බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවෙසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා සංග්‍රාමික ඇඳුම් කට්ටල 2 ක් ඇතුළු හමුදා ඇඳුම් කට්ටල කිහිපයක් ඊයේ (06) සොයා ගැනුණා.

Werzuo Digital

Leave a Reply