හබරාදුව මාගල්තොට දුම්රිය හරස් මාර්ගය අසලදි කොළඹ කොටුව සිට බෙලිඅත්ත බලා ධාවනය වු සාගරිකා සිඝ්‍රගාමී දුම්රියේ ගැටී අද (07) රාත්‍රි 7.30 ට පමණ පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර මියගිය අය වයස අවුරුදු 45 – 50 වන පුද්ගලයෙකු බවට අනුමාන කල හැකි බව පොලිසිය පවසයි.
මෘත ශරිරය කරාපිටිය රෝහල ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.