පාකිස්ථාන රැඳවියා කරාපිටිය රෝහලේ ජිවිතක්ෂයට

හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට වරදකරුවි ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියමව අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පකිස්ථාන ජාතික සිරකරුවෙකු අසනිපවි කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (07) මියගිය බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පකිස්ථාන ජාතික සිරකරුවෙකි.

මොහු හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට වරදකරුවි මිගමුව මහාධිකරණය විසින් 2018 වසරේ ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරිමෙන් පසු අඟුණකොලපෑලැස්ස බන්ධනාගාගරයට එවා ඇති සිරකරුවෙකි.

මේ අතර ඉකුත් 04වනදින අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පකිස්ථාන ජාතික සිරකරුවෙකුද මියගොස් ඇත.

59 හැවිරිදි ඔහුද මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් වරදකරුවි මීගමුව මහාධිකරණය විසින් 2019 වසරේ ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කර ඇති අයෙකි.

මේ සම්බන්ධයෙන් පකිස්ථාන මහ කොමසාරිස් කාර්ය‍ාලය දැනුවත් කිරිමට නියමිතව ඇති අතර මළ සිරරු කරාපිටිය සහ හම්බන්තොට රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත.

Werzuo Digital

Leave a Reply