රිදීමාලියද්ද දීරියගම කිරිහිලිවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිද සහ අවුරුදු දෙක හමාරක දරුවාද රැගෙන යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරු පැදිය පෙරැලි සිදු වූ අනතුරින් දරුවා මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිනිහිරිවැල්ල, දීරියගම යල්වෙල පදිංචි අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකි.
යතුරු පැදියෙන් කුඹුරට යන අවස්ථාවේදි දෙමෝදර වැව් බැම්ම ආසන්නයේ බෑවුම් ප්‍රදේශයකදි යතුරු පැදිය පාරෙන් ඉවතට පැන අනතුරට මෙම අතුර සිදුව ඇත.
යතුරුපැදියේ ටැංකියේ හිඳුවාගෙන ගොස් ඇති මෙම කුඩා දරුවා අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියෙන් විසිවි ගොස් ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
දරුවාගේ පියා සහ මව තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි.