බස්නාහිර සහ දකුණු පලාතේ සිදුවන ඝාතනයන් සඳහා සංසරණය වන නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද (25) සිට ලබන ජුලි මස (30) දින දක්වා ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද බව ද එම අමාත්‍යාංශය පවසයි.
මෙම මෙහෙයුමේදී ගිනි අවි අත්ඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට පොලිස්පති අරමුදලින් මුදල් ක්‍රියාත්මක පිරිනමන බවද අමාත්‍යංශය සඳහන් කරයි.
පසුගිය කාල සීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී , නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවද අමාත්‍යංශය පවසයි.
මෙම තත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් බැවින්, එබැවින් මෙවැනි නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු අතර අමාත්‍යවරයා පසුගියදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.